දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දදිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව තවදුරටත් එම නිවේදයේ සදහන් වේ.
කන්කසන්තුරයසිටමන්නාරම, පුත්තලමසහකොළඹහරහාමාතරදක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී ඒ පිළිබදවඅවධානයෙන් කටයුතුකරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවඅවධාරණය කරයි.
එසේම මඩකලපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
එසේම කන්කසන්තුරයසිටපුත්තලම සහ කොළඹහරහාමාතරදක්වාවන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර්40-50 දක්වා වැඩිවිය හැකි එබැවින් දිවයින වටා මුහුදු වෙරළ ආශ්රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබච දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදන සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.