වසර දෙකක් තිස්සේ නිසියාකාරව නඩත්තු නොවූ පිළියන්දල නව බස් නැවතුම්පළ කැස්බෑව නගර සභාවට පවරා දීමට තීරණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පිළියන්දල නගර සංවර්ධන සැලැස්ම, පොදු වෙළඳ සංකීර්ණය හා නව බස් නැවතුම්පළ සම්බන්ධයෙන් අද (01) දින පැවැති සාකච්ඡාවකට එක් වෙමිණි. එම සාකච්ඡාව නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පිළියන්දල නව බස්නැවතුම්පළ ඉදිකිරීමෙන් පසුව එහි පාරිපාලන කටයුතු හා නඩත්තු කටයුතු ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සිදු කරයි. නමුත් වසර දෙකක පමණ කාලයක සිට බස් නැවතුම්පළේ ඉදිකර ඇති වැසිකිලි පද්ධතිය නිසි පරිදි නඩත්තු නොවීම නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හා විදුලි බල්බ ක්‍රියාත්මක තත්ත්වයේ නොවීම යන ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා හා කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් මීට පෙර ඇමතිවරයා දැනුවත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගෙන්ද නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඉල්ලීම පරිදි මෙම ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාව අද (01) දින කැඳවිය.
මෙහිදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේ පිළියන්දල නව බස් නැවතුම්පළේ සියලු පරිපාලන කටයුතු කැස්බෑව නගර සභාවට පවරා දෙන ලෙසයි. ඒ අනුව එහි සියළු පරිපාලන කටයුතු හා නඩත්තුව, පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට කැස්බෑව නගර සභාව වෙත ලබා දීමට මෙහිදී තීරණය කෙරුණි.
බස් නැවතුම්පළේ බස් රථ නියාමනය කිරීමේ අයිතිය පළාත් සභාව සතු බව සඳහන් කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ එක්ව එය ක්‍රි යාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය නව සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන තෙක් බස් නැවතුම්පළ අසල ඇති රථගාලද කැස්බෑව නගර සභාවට පවරා දීමටත් එය පිරිසිදු කිරීම හා නඩත්තු කර පවත්වාගෙන යාම නගර සභාව සිදු කළ යුතු බවටත් මෙහිදී තීරණය කෙරුණි.
නමුත් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලන ඕනෑම අවස්ථාවක ලබා දීමටද කැස්බෑව නගර සභාව මෙහිදී එකඟ විය.
පිළියන්දල නගර සංවර්ධන සැලැස්ම - පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
පිළියන්දල නව බස් නැවතුම්පළේ ඉදිකිරීම් කටයුතු 2018.09.14 ආරම්භ කර 2020.02.05 වන දින අවසන් කර ඇත. මෙහි භූමි ප්‍රමාණය අක්කර 2 යි, රූඩ් 3 පර්චස් 21 කි. මෙය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 235 කි.
කැස්බෑව නගර සභාවට අයත් පැරණි පොදු වෙළඳපොළ වෙනුවට නව පහසුකම්වලින් සමන්විත වෙළඳපළ හා පොළ ඉදිකිරීමේ කටයුතු 2022.01.20 ආරම්භ කරන ලදි. එය නව බස් නැවතුම්පළ යාබදව ඉදිකෙරේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 1 රූඩ් 2 පර්චස් 19.45 ක භූමියක නව පොදු වෙළඳපොළ ඉදිකිරීමට යෝජිතව ඇත. එහි සුළු හා මධ්‍ය පරිමාණ කඩ සාප්පු 414 කින් සමන්විතය. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 498 කි.
