පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වයි
මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කර තිබේ. රෝහල්වල පවතින ඖෂධ හිඟයපිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
මහරග මඅපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගින් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

popular news
-
Sanka Monday, 24 December 2018 07:25 AM
සෙල්ලම් ආණ්ඩු හදල රටම අරාජික කලා.ඒ මාස දෙකේ රජයේ කිසිම පරිපාලනයක් තිබ්බේ නැහැ.දැන් ඒ විපාක තමය මේ එන්නේ.දැන් මේ අසරණ ලෙඩ්ඩුන්ට වගකියන්නේ කව්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
