අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, පඩිකාරමඩුව ගම්මානයේ පදිංචිව සිටින ආදරණීය මව ඩබ්ලිව් .එන් . සුමනාවතී හැට නව හැවිරිදි පසුවන මෙම අම්මා දරුණු වකුගඩු රෝගියකින් පෙලෙන්නිය.
ප්‍රභාත් මධුසංක හතුරුසිංහ 37 හැවිරිදි ඇයගේ පුතාද දරුණු පිළිකා රෝගයකින් හා සිරුගේ හටගන්නා ගෙඩි පිපිරී විරූපී වන රෝගයක් වැළදී ඇත.මෙමෙ පුතාගේ සියලු ඔනෑ එපා කම් සිදු කිරීමට පැවරී ඇත්තේ මෙම මවටය.
අනුරාධපුර රෝහලේ දොස්තර වරුන්ගේ උපදෙස් පරිදි මෙම රෝගී පුතා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට රැගෙන යා යුතු බවයි වෛද්‍ය නිර්දේශය වී ඇත.
එහෙත් මේ අම්මාට බස් රථයක තම පුතා රැගෙන යෑමට නොහැකි වී ඇත්තේ ඔහුගේ ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ ඇති බරපතල තුවාල හේතුවෙන් ඒවා ගඳ වහනය වීම සැරව ගැලීම නිසා පොදු වාහනයක අරගෙන යාමට නොහැකිවීමය .
පුද්ගලික වාහනයක් ලබා ගැනීමට තරම් වත්කමක් මෙම අම්මාට නැති බව කියයි. ඉතා අමාරුවෙන් ජීවත් වන මෙම අම්මාට සහ දරුවාට ඔබේ සහය ඉල්ලා සිටි.
උදෑසන අවදිවන මේ අම්මා දවස පුරාම පුතුගේ දුගද හමන තුවාල සුව කිරීම සදහා වෙහෙසෙන අතර ආහාර පිස පොල් සමග හරි බත් කටක් පුතුට කවා පොවා රෙදි සෝදා සියලු අවශ්‍යතා ඉටු කරනු ලබයි
ලෝක අම්මා වරුන්ගේ දිනය සමරන මෙවැනි දිනක දරු සෙනෙහස වෙනුවෙන් ඕනෑම දුකක් උහුලන්න හැකි තවත් අම්මා කෙනෙකු ගේ කතාවක් පමණක් වුවද මේ හා සමාන දුක් විදින අම්මා වරුන් කොතෙක් සිටීද .්
ඔවුන්ගේ ලිපිනය ප්‍රභාත් මධුසංක හතුරෙසිංහ, අංක 15 ,පඩිකාරමඩුව, ගලින්බිඳුනුවැව, ඔවුන්ගේ දුරකථන අංකය 0774484017 මහජන බැංකුවේ ගලෙන් බිඳුනු වැව ශාඛාවේ ප්‍රභාත් මධුසංක හතුරු සිංහ නමින් ඇති ගිණුම් අංකය 177 2 001 8 00 59182
