පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක් විගමනික ශ්‍රමික දායකත්වයෙන් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
කාර්යාංශයේ සුබසාධන අංශය මගින් “පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම” යන ව්‍යාපෘතිය රට තුල දැනට පවතින ඖෂධ හිගය හේතුකොටගෙන 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුබසාධන කටයුත්තක් සේ ක්‍රියාත්මක කරනු ලබන දිප ව්‍යාප්ත වෛද්‍ය කඳවුරු පැවැත්වීමට අනුව, හදුනාගන්නා ලද වැඩිවශයෙන් පිළිකා රෝගී තත්වයෙන් පෙලෙනු ලබන විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙසේ තම රෝගී තත්වයන්ට ඖෂධ නොමැතිවීම මත දැඩි අසහනකාරී තත්වයකටපත්ව ඇති බවට ලද තහවුරුවකට අනුව ඒ සඳහා ඔවුනට සහනයක් වශයෙන් අවශ්‍ය ඖෂධ ලබා දීමට අවශ්‍ය අරමුදල් සපයා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
නව ව්‍යාපෘතියට අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් විශේෂව පවතින ගිණුම සඳහා රුපියල් මිලියන පන්සියක් (500 Mn ) ලබාදීම ඉලක්කය වන අතර, එහි පළමු තැන්පතුව ලෙස රැපියල් මිලියන සියයක (100 Mn ) මුදලක්, මෙතෙක් විදේශ රැකියා සඳහා කාර්යංශ ලියාපදිංචිය ලබා ගනිමින් යොමුවන ලද සියළුම විගමනික ප්‍රජාවගේ දායකත්වය නියෝජනය කරමින් ලබා දීමට කාර්යංශ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියද ලබා දී ඇත.
මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් මිලියන 400 ක මුදල (400 Mn) විදේශ රැකියා ක්ෂේත්රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරනු ලබන අතර, එමගින් මෙම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවට කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂාව වේ.