පිළිකා රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙකු ඉන් ඇතිවන වේදනාව දරාගත නොහැකි කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.
මෙසේ මියගොස් ඇත්තේ අංගොඩ අග්ගොන ධර්මපාල මාවතේ අංක 501/3/A හි පදිංචි අමරසිංහගේ කුලරත්න සිල්වා නමැති (47) හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පැවසේ .
මෙම පුද්ගලයාට මාස අටකට පමණ පෙර සිට උගුරේ හටගත් පිළිකා රෝගියකින් පීඩා විද ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඉකුත් මාසයේ පැවති සායනයක් සඳහා මහරගම අපේක්ෂා රෝහලට ගොස් තිබේ.
එහිදී ලබාදුන් වෛද්‍ය උපදෙස් වලට අනුව ආහාර පාන ලබා ගැනීමේ පහසුව සදහා උගුර හරහා නළයක් සවිකිරීමට ලබන සතියේ රෝහලට පැමිණ නේවාසිකව ප්‍රතිකාර ගන්නා ලෙස දන්වා තිබේ .
එහෙත් ඊට මියගිය පුද්ගලයා දැඩි අකමැත්තක් පලකර ඇති අතර , තවදුරටත් දුක් විඳීමට නොහැකි බව පවසමින් කල්ගෙවා තිබේ.
ඒ අනුව මොහු ඉකුත් (12) දා පිළිකා රෝගයට පානය කරන ඖෂධ සකසන මුවාවෙන් කනේරු ඇට පොල් කටුවකට දමා තවත් ඖෂධයක් සමඟ කලවම් කරමින් සිටිනු ඥාති දියණියක දැක ක්ෂණයකින් ක්‍රියාත්මක වී කනේරු ඇට තොගය ගෙන කැලෑවකට විසි කර ඇතැයි පැවසේ.
එහෙත් පොල්කටුව තුළ ඉතිරි වූ කොටාගත් කනේරු ඇට වලට සීනි සහ වතුර කලවම් කොට මොහු පානය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය කීවාය .
පසුව ඇතිවූ අසාත්මිකතාවය හේතුවෙන් ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීම සඳහා රැගෙන ගොස් ඇතත් ඒ යන අතරතුරදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි .
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් අයි.ඩී.එච් රෝහලේදී සිදුකළ අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී හේලිත ඉලංගකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව මෙම පුද්ගලයාගේ මරණය කනේරු විෂ ශරීරගත ශරීරගත වීමෙන් සිදුවූවක් බවට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළා ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ පොලිස් කොස්තාපල් (96941) ජයසුන්දර නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
ශාන්ත කුලරත්න