ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර කෝප්රල් රොෂාන් අබේසුන්දර හට නව නිවසක් ප්රදානය කිරිම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකෙරිණි.
මෙම නිවස ඉදිකිරිම සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මුල්‍ය ප්‍රතිපාදන සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් මෙහි ඉදිකිරිමි කටයුතු සිදු කරන ලදි.
තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා අසියානු වාර්තාවක් තබමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි මෙන්ම ශ්‍රි ලංකා නාමයද ජාත්‍යන්තරයට ගෙනයාමට පිහිනුමි ශූර කෝප්රල් රොෂාන් අබේසුන්දර සමත් විය.