වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.11.08 වන දින උදෑසන කාලයේ පොලිස් අණ නොතකා ධාවනය කල කාර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කිරීමේදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක් තිබී හමුවී ඇති අතර කාර් රථය හා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදිමට රැගෙන යන බවට අනාවරණය වීම මත එම පුද්ගලයා ද වත්තල පොලිස් වසමේ මාබෝල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 33 ක් වන යාපනය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.