පිලිපීනයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 7 07 2020
- 08:43
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සිට රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (06දා) රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්රී ලාංකිකයන් පිලිපීනයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.මොවුන් පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානයෙන් 7/06 දින රාත්රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ශ්රී ලාංකික ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
