පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සමග අතුරුදන්ව සිටි ලුනුගල පදිංචි 13 හැවිරිදි දැරිය ලුනුගල උඩකිරුව ඝන කැලෑවක සැගවී සිටියදී ඊයේ (12දා) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය .
ඉකුත් 3 වනදා සිට මෙම තිදෙනා අතුරුදන්ව තිබූ බවත් දිගින් දිගටම කළවිමර්ශන වලදී හෙලිවී තොරතුර මත පොලිස් විශේෂ කාර්යබලකාය , ලුනුගල පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව (11දා) පුළුල් සෝදිසි මෙහෙයමුක් ක්‍රියාත් කළ බවත් වෙදමුල්ල මහතා සඳහන්කළේය.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මෙම පවුලට කිසිදු ඥාති සබදතාවක් නැති නමුත් මෙම නිවසේ වසර 17 පමණ කාලයක් ගත කළ 45 හැවිරිදි පුද්ගලයෙක් බවත් අනෙක් සැකකරු උඩකිරුව පදිංචි 18 හැවිරිදි තරුණයෙක් බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එම තරුණයා කුඹුරුවැඩ සදහා මෙම නිවසට පැමිණ සිටියදී මෙම දැරිය හා පෙම් සබදතාවයක් පවත්වා ඇති බවටද තොරුතුරු අනාවරණය වූ බවත් ඉන්පසු දැරිය 45 හැවිරිදි සැකකරු විසින් රැගෙන ගොස් තරුණයාට බාරදී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සදහන්කළේය.
කෙසේ නමුත් මෙම සැකකරුවන් දෙදෙනා සමග දැරිය මෙම කැලේ සැගවී සිට ඇති අතර ඔවුන් පිළිබදව සෝදිසි මෙයෙයුම් ක්‍රියාත්මක වෙද්දී වනාන්තරයේ වෙනත් ඉසව්වකට ගොස් තිබූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (12) බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දැරිය වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවත් පොලිසිය සඳහන් කළේය
බදුල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා අධික්ෂණය යටතේ සෝදිසි මෙහෙයුම හා විමර්ශන ක්‍රියාත්මක කර තිබූ අතර ලුනුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.ඩි. සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ලුනුගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පාලිත ආරියවංශ