පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
2015 වර්ෂයේදී බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ චූදිතයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා (30) වෙනිදා වසර 24 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදි.
මෙලෙස බරපතළ බරපතළ සිර දඬුවම් නියම වූයේ ඇතිමලේ 70 හංදිය බිල්ඩින් කොටස පදිංචි ඌරුමුත්තගමගේ චන්දන (47) නැමති දහම් පාසල් ගුරුවරයෙකුට. 2015 වර්ෂයේ දිනයකදී සැකකරු විසින් එම ප්රදේශයේම පදිංචි දැනට අවුරුදු දාසයක් වන පිරිමි දරුවෙකු බයිසිකලයක නංවාගෙන වැව් ප්රදේශයකට කැඳවාගෙන ගොස් කැලෑවක් තුළදී අතවර සිදුකර තිබිණි.
සිද්ධිය පිළිබඳව මොනරාගල මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා දෙකකට වරදකරු කරමින් ඔහුට එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24 බරපතළ සිර දඬුවම් නියම කොට එය වසර දොළහකින් ගෙවී යන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩද අතවරයට පත්වූ දරුවාට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවන ලෙසත් නියෝග කෙරිණි. දඩය නොගෙවන්නේ නම් ඊට වසරක ලිහිල් සිර දඬුවම්ද වන්දි මුදල් නොගවන්නේ නම් ඊට වසර තුනක ලිහිල් දඬුවම්ද නියම කරන ලදි.විත්තිකරු වෙනුවෙන් නීතීඥ වසන්ත බණ්ඩාර මහතා පෙනී සිටි අතර රජයේ නීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල මෙහෙයවීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
