ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නොසන්සුන්කාරී ලෙස නැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් දී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබේ.
පිරවුම්හල් ආශ්‍රිතව ඇති වන එවැනි කලහකාරී සිදුවීම් හමුවේ ප්‍රදේශයේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීම සහ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි.
පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නොසන්සුන්කාරී සිදුවීම් පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.