පිරවුම්හලට බාධා වන ලෙස නවතා තිබු යතුරුපැදි 10ක් අත්අඩංගුවට
බේරුවල අයි.ඕ.සී ඉන්ධන හලේ රාජකාරි කටයුතුවලට බාධා වන ලෙස ගාල් කර දමාගොස් තිබූ අයිතිකරුවන් නොහඳුනන යතුරුපැදි දහයක් අද(23දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ 85 කට වැඩි වටිනාකමකින් යුතු මෙම යතුරුපැදි වල අයිතිකරුවන් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
ඉන්ධනහල් කළමනාකරු බේරුවල පොලිසියට කළ පැමිණිල්ල මත අනන්‍යතාවය නොමැතිමෙම යතුරු පැදි අත්අඩංගුවට ගෙන බේරුවල පොලිස් භාරයේ තිබෙන බවත් මෙම යතුරු පැදි වල හිමිකරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලිපි ලේඛන සමග බේරුවල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජවසම් මහතා හමුවෙන ලෙස බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාරමහතා පැවසීය .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

popular news
-
සත්‍යපාල Thursday, 23 June 2022 04:09 PM
ලංකා පොලිසියේ අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් සත්‍ය අඅයිතිකාරයෝ සොයාගත හැකියාව තීබියදී ජනතා සහාය පතන්නේ ප්රශ්නය මග හැරීමට විය නොහැකිද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

