අනුරාධපුර පණ්ඩුලගම ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු හට අද (3දා) අලුයම පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පණ්ඩුලගම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 40 සහ 48 වියේ පසුවන්නන් දෙදෙනකු බව ද පොලීසිය සඳහන් කළේය.
මීට දින දෙකකට පමණ පෙර මෙම සැකකරුවන් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් අතර බහින්බස් වීමක් සිදුව තිබෙන බවත් ඉන් අනතුරුව නැවත වරක් අළුයම කැබ් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා එම සේවකයාට පහර දී පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
පහරකෑමට ලක්වූ ඉන්ධන පිරවුම්හල් සේවකයාගේ තත්ත්වය බරපතළ නොවන අතර තැලීම් හා සීරීම් තුවාල පමණක් සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලැබූහ.
