රාජකාරි නිමාවා නිවසකරා යමින් සිටී පොලිස් සැරයන් වරයෙකුට පිය පුතු යුවලක් පහරදීම සම්බන්දයෙන් සැරයන් වරයා රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාල 3 ට අනූයුක්තව රාජකාරි කරන කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන් වරයෙකු බව සදහන් වේ.
කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි පියපුතු යුවලක් කළුතර ගල්පොත්ත හන්දිය ආසන්නයේදී පහරදීම සිදුකර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කිය.
පහරකැමට ලක්වූ සැරයන් වරයා කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය