හෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වූ පියෙකු සහ ඔහුගේ පුතා යැයි කියන සරසවි සිසුවෙකු තිප්පොළකින් මත්කුඩු ලබාගෙන යමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර සුප්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය හදාරා ඇති මෙම පිය පුතු දෙදෙනා පියාගේ ආභාෂයෙන් පුතා මත්කුඩු වලට ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ . ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙදෙනා සන්තකයේම මත්කුඩු පැකට්ටුව බැගින් තිබු බව පොලිසිය කියයි .
විසිපස් වැනි වියේ පසු වන ප්‍රධාන සැකකරුගේ පුතා කොළඹ ප්‍රදේශයේ සරසවියක සිව්වැනි වසරේ අධ්‍යාපනය හදාරන්නෙකු බවද පොලිසිය කියයි .
සැකකරු අද (02දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ෂේන් සෙනෙවිරත්න