පියා ජනාධිපති වූ පමණින් ’ජනාධිපති බැට්න් එක’ දරුවට දෙන්න බෑ
පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට 'බැට්න් එක' ප්රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති අපේක්ෂයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාක්ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවයි.
ඒ අනුව ආසන බලමණ්ඩල සාකච්ඡාවලදී ඒ පිළිබඳ තීරණ ගැනීමට නියමිත බවත්, එසේම ජනාධිපති ධුර අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවට ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කිරීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ස්ථාවරභාවය පිළිඹිබු වන බවත් හෙතෙම පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (10දා) පැවති රැස්වීමකින් අනතුරුවය.
popular news
-
Sharm Wednesday, 11 October 2023 05:44 AM
චතුරාර්ය සත්‍යය අවබෝධ වීම ගැන අපේ බලවත් මෙව්වා එක
Reply : 0 0
Hora prakadoruwa Wednesday, 11 October 2023 09:20 AM
බැරි කම වසාගන්න, කොළ කඩ කඩ බොරුවට දෙනවා අපි ගහ හොඳ හැටි අඳුනනවා පොඩි මයිනා අනේ...
Reply : 0 0
NANDANA Wednesday, 11 October 2023 12:02 PM
HORUNTA SRILANKAWE IDA NATHA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

