පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී පුතා මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ නමුණුකුල මියනකඳුර පදිංචිව සිටි මියනකඳුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.එම්.සමීර නමැති ශීෂ්‍ය යෙකි .
ඔහු පවුලේ එකම දරුවාය.
පසුගියදා (29දා) සවස 6.30ට පමණ පියා ගෙවත්තේ අඩි 50 ක් පමණ උසැති ගසකට නැග පොල් කඩද්දී මෙම පුත්‍රයා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිනෙමින් සිට ඇති බවත් ඒ මොහොතේ පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් පුතුගේ හිස මතට වැටී ඇතිබවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය .
බරපතල තුවාල ලැබූ මරණකරු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31දා) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ .
55 හැවිරිදි පියාට එරෙහිව නොසැලකිලි මත්ව පොල් කැඩීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා බවද පොලිසිය සඳහන්කළේය .
බදුල්ලේ පාලිත ආරියවංශ