වැල්ලවාය පොලිස් වලට අයත් ආනපල්ලම අඩි 100 පාර 05 කණුව අසල පිහිටි නිවසකින් දේපළ සොරකම්කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වැල්ලවාය පොලීසිය පැමිණිලිකරුගේ පුතා වන 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.
ඔක්තෝබර් 06 සහ 12 අතර කාලයේදී මෙම සොරකම සිදුවී ඇති අතර සොරකම්කරන ලද දේපළ වල වටිනාකම රුපියල් එක්ලක්ෂ විසිඅටදහසකි.
ඒ පිළිබඳව පනස්තුන් හැවිරිදි පියා වන නිවසේ හිමිකරු විසින් පොලීසියට පැමිණිලිකර තිබිණි.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු සහ සොරකම්කරන ලද දේපළ අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
මොණරාගල සුමනසිරි ගුණතිලක