පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රිතව ඇති ගැටළු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (25දා) සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුවය.
එම සාකච්ඡාවට එක්වූ ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළේ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නැරඹීමට අවසර ලබාදෙන්නේ පස්වරු 5 දක්වා පමණක් බවද මේ හේතුව නිසා රජයට දෛනිකව උපයාගත හැකි විශාල ආදායමක් අහිමිවන බව ද ඔවුන් පැවසීය.
ඒ අනුව පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට ඇති නෛතික බාධාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇත.