
ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි දහය දක්වා කාලයතුල පින්නවල අලි අනාතාගාරය නැරඹීමට පැමිණිගෙන් රුපියල් මිලියන 152ක ආදායක් උපයා ඇති බවත් ඔවුන් සඳහා පහසුකම් රැසක් අලි අනාතාගාරයේ සලසා ඇති බවත් වැඩ බලන අධ්‍යක්ෂක රංජන් මාරසිංහ මහතා පැවසීය.
මේ වනවිට පින්නවල අලි අනාතාගාරය නරඹන්නට පැමිණෙන දෙස් විසේස් සංචාරකයින් සඳහා අලි ඇතුන් නෑවීමට සහ ඔවුන් ජීවත්වන ගාල් පිරිසිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර ආහාර පාන ලබාදීමටද අවස්ථාව සලසා ඇති බව ඒ මහතා පැවසීය.
අලි ඇතුන් සිටින ස්ථාන පිරිසිදු කිරීම යනාදී කාර්යයන් වල නියැලෙන නරඹන්නන්ට වටිනා සහතිකපත්‍රයක් ද නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ඒ මහතා පැවසීය
එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින් හට එරටදීම සත්වෝද්‍යාන ටිකට්පත් ඇනවුම් කලහැකි පහසුකම් එළඹෙන සති කිහිපයේ සැලසීමට කටයුතු යොදන බවද ඒ මහතා පැවසීය.
මේ වන විට ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයන්හි කාඩ්පත් ගෙවීම් කිරීමට පහසුව සලසා ඇති බව සඳහන් කළ වැඩ බලන අධ්යක්ෂවරයා අලි ඇතුන් ගැන අධ්‍යනයේ යෙදෙන අයටත් අධ්‍යන පහසුකම් ඇතිබව පැවසීය.
ජනවාරි 1 සිට පෙබරවාරි 8 දක්වා සංචාරකයන් 268,375 ක් පින්නවලට පැමිණ ඇති බවත් ඔහු පැවැසීය.
රුසියානු සමූහාණ්ඩු සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පෙබරවාරි මාසයේ මෙරටට පැමින ඇති අතර එය පැමිණි මුලු සංඛ්‍යාෙවන් 15% කි.
ඉන්දියානු සංචාරකයින් 14% මෙරටට පැමින ඇති අතර 9% ක් එක්සත් රාජධානිය සංචාරකයින් පැමිණ ඇත.
ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරකයින් මිලියන 2.3ක් ආකර්ෂණය කර ගැනීමට සංචාරක කර්මාන්තය ඉලක්ක කර ඇති අතර එමඟින් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 4 ක ආදායමක් උපයා ගැනීමට නියමිතය.
රේඛා තරංගනී ෆොන්සේකා