පින්නවල අලි අනාතාගාරයේ 2025 වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1029 ක් බවත් ජාතික ආර්ථිකයට එය විශාල පිටිවහලක් ලබා දෙන තැනක් බවට පත්ව තිබෙන බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පට බැඳිගේ මහතා පසුගියදා පැවසීය. එතුමා මෙම අදහස් පළ කළේ අලි අනාථාගාරය ආරම්භ කර වසර 51ක් පිරීම නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ පැවැති උත්සව-යකදී ය. මෙහිදී අමාත්‍යවරයා විසින් 'නිදහස් අලි අරණ නමින් ඒකකයක් ද විවෘත කෙරිණ. ( IJ )