පිටි, සීනී, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල ලංකා සතොස ආයතනය මගින් යළිත් පහළ දමා තිබේ.
පාන් පිටි කිලෝවක් රුපියල් 96 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 22 කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105 කින්, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 200 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 17 කින් අඩු කර තිබේ.
ඒ අනුව පාන් පිටි කිලෝවක් රුපියල් 279 කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 238කටත්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 කට, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 1300 කට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 398කටත් මිලදී ගැනීමට පුළුවනි.