පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරණ අනර්ථ දේශණයන් සිදු කිරීමෙන් වළකින ලෙසමල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛකාරක සංඝ සභාව විසින් දැඩි ලෙසඅවවාද කළ බවඑම පාර්ශවයේමහා ලේඛකාධිකාරී පූජ්යපහමුණේ ශ්‍රී සුමංගලහිමියන් අද (01) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළහ.
ඊයේ (31) පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත්වි කෘතියට පත්කරමින්සි දුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කළ බව මහා ලේඛකාධිකාරී හිමියන් එහිදී අවධාරණය කළහ.
එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන්මල්වතු මහනායක හිමිපාණන් ප්රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින්උන්වහන්සේ විසින් පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත්ඒ හේතුවෙන්ස මස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛකාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිර වකිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරිහිමියන් පැවැසූහ.
ඒ සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ද මල්වතු මහනායක හිමියන් ප්රමුඛ මහා කාරක සංඝ සභාවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ලබාදුන් බව ද මල්වතු පාර්ශවයේමහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රීසුමංගල හිමියන් එහිදී වැඩිදුරටත් පැවැසූහ.
