පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ටයරයක් ආපදාවට ලක්වීම හේතුවෙන් මාර්ගය අයිනේ නතර කර අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී, කඩවත දිශාවට ධාවනය වූ ලොරි රථයක් නතර කර තිබූ ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අද (29දා) අලුයම සිදු වු අනතුර නිසා ගිනි ගැනීමකටද ලක්ව ඇත.
එම අනතුරින් ගමන් කරමින් තිබු ලොරි රථයේ රියදුරු බිමට වැටී මියයගාසේ ඇත. ලොරි රථයේ වම් පස ගමන්කල ලොරි රථයේ හිමිකරු ලොරි රථ දෙක අතර සිරවී පිළිස්සී මියගොස් ඇත.
අනතුර සම්බන්ධයයන් නවතා තිබූ ලොරි රථයේ රියදුරු සහ සහයක අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයයන් ඉදිරි ව්මර්ශන පවත්වායගන යනු ලබයි.