පෑලියගොඩ ස්ථාපිත නව මැනිං වෙළඳපොළට පැමිණෙන ව්‍යාපාරික සහ පාරිභෝගික ජනතාවට මෙතෙක් පැවති පොදු ප්‍රවාහන මාධ්‍යයක අඩුව සම්පූර්ණ කරමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීම මත මෙම ප්‍රවාහන සේවාව අද (01දා) ආරම්භ කරනු ලැබිණි.
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොලට පැමිණීමට තිබූ බාධාවන් ඉවත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන අංක 228 වැලිවේරිය - පිටකොටුව, අංක 200 ගම්පහ - කොළඹ, අංක 138 කඩවත - පිටකොටුව, 180 නිට්ටඹුව කොළඹ, 260 හැඳල - කොළඹ, 240 මීගමුව - කොළඹ, 188 රත්දොළුගම - පිටකොටුව යන මාර්ගයන් හි ධාවනය බස්රථ මින් ඉදිරියට තොග වෙළෙඳ මධ්‍යස්ථානය හරහා ජනතා සේවය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.


