පැහැරගත් බව කී ව්‍යාපාරිකයා අත්අඩංගුවට
පසුගිය 16 දා කොලොන්න පොලිස් වසමේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ පැහැරගෙන ගොස් ඇති බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණ බව පොලස් මූලස්ථානය කියයි.
මෙම පැමිණිලිල අනුව මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලැබී තිබුණ තොරතුරකට අනුව මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙල්කඳ ප්‍ර දේශයේදි ත්‍රි රෝද රථයක රැදී සිටි 49 හැවැරිදි තේ දළු ව්‍යාපාරිකයා හා අවුරුදු 37 හා 62 වැනි වියේ පසුවන රක්වාන හා ගංගොඩවිල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
ව්‍යාපාරිකයා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සතුව තිබී ව්‍යාපාරිකයා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්, විවිධ බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලද රිසිට්පත් කිහිපයක් හා නුගෝගොඩ ප්‍ර දේශයට පැමිණි ත්‍රි රෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම පැහැර ගැනීම ව්‍යාපරිකයා විසින්ම නිර්මාන කරන ලද සැලසුම් සහගත සිදුවීමක් බව පොලීසිය සැකකරන අතර පොලීසිය තවදුරටත් විමර්ශන කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාර දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

