අකාර්යක්ෂම පාලනය සහ මූල්‍ය වංචාවන් නිසා එදිනෙදා සේවාවන් පවත්වාගෙන යාම අසීරුවී තිබෙන පැල්වත්ව සීනි කර්මාන්තායතනය යළි ගොඩනැංවීමට පියවර ගන්නා බැව් මොනරාගල දිස්ත්‍රික් පා.ම වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ බුත්තල යුදඟනාව හංදිය පුද්ගලික නිවාඩු නිකේතනයකදී පැවති පැල්වත්ත උක් ගොවීන්ගේ සහ සේවකයින්ගේ හමුවක් අමතමිනි.
"අපිට ලොකු ශබ්දයක් දානවා.අපි කිසිදු සේවකයෙක් ගත්තේ නෑ.එක සතයක් එක රුපියලක්වත් ඕකෙන් අයින් කරේ නෑ.ඕකේ උක්ගස් ටොන් ලක්ෂ පහකට එහා තියෙනවා. සෙවනගල ලක්ෂ තුනක් තියෙනවා.ලක්ෂ අටක් අපි අඹරන්න සැලසුම් කරලා තියෙනවා.
නමුත් සියයට හැත්තෑ පහකට වඩා අඩුවෙන් අඹරන්නේ.සීයයට විසිපහක් මේ කන්නයේ අඹරන්න බැරි වෙලා තියෙනවා. මුදල් අංශයේ විතරක් එකසිය තිස් නවයක් ඉන්නවා.ඒකට මොකක්ද කරන්නේ.මොනවද උපයන මාර්ග හදලා තියෙන්නේ. හාරසිය ගානක් ඉන්නවා මානව සම්පත් අංශයේ.
සේවකයින් වැඩියි.මොකක්ද ඒගොල්ලන්ගේ ඩියුටිය.මම ඇතුලට යන්නේ ඕවා බලන්න.ක්ෂේත්රයේ හාරසියයකට වැඩි පිරිසක් සේවය කරනවා.ආයතනයේ කඩා වැටීමට මූලික හේතුව එයයි.
ආයතනයේ අකාර්යක්ෂමතාව කඩා වැටීමට මූලික හේතුවයි.නමුත් කර්මාන්තශාලාව වැසී යාමට අපි ඉඩ තබන්නේ නැහැ.ගැටලු වලට විසඳුම් ලබාදී දිගටම පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. දඬුවම් කරන අයට දඬුවම් කරන්න ඕන. පරීක්ෂණ විගණන වාර්තා කරගෙන යනවා."
මොණරාගල සුමනසිරි ගුණතිලක
