පැරසිටමෝල් පෙත්තක/කරලක උපරිම සිල්ලර මිල රුපියල් 2 සත 30 ක් ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය 28 දා දින මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පැරසිටමෝල්හි සියලු වෙළඳනාම වලට අදාළ වන පරිදි මිලි ග්‍රෑම් 500ක පෙත්තක්/කරලක් මෙසේ රුපියල් 2.30ක් වශයෙන් නියම කර තිබේ.