ඉරානය හා ඊශ්‍රායෙලය අතර පවතින යුදමය තත්ත්වයත් සමග ඊශ්‍රායෙලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔහු පවසන්නේ අද පෙරවරු 5න් අවසන් වූ පැය 24 තුළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි. එසේම හෙට දිනයේදී ඊශ්‍රායෙලයේ සිට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඊජිප්තුව හරහා ලංකාවට පැමිණීමට නියමිත අතර තවත් 12ක් ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව තානාපති කාර්යාලය කියයි.
ඊශ්රායිල් වත්මන් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් - (යාවත්කාලින කිරීම (05.00 AM - 23/06/2025)
1. ඊශ්රායිල්- ඉරාන් යුද්ධයේ 11 වන දිනය වන විට පසුගිය පැය 24 ඇතුළත දෙවතාවක් ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල විය. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශවී ඇතත් ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත හානි වාර්තා නොවේ. එල්ල කරන ලද මිසයිල 26 න් 23 ක් විනාශ කරන ලද අතර 3ක් භූමියට පතිත විය. ශ්‍රී ලාංකිකයන් අතුළු විදේශ සේවකයන්ට සිදු වූ අනතුරු පිළිබඳව වාර්තා නොවේ.
2. අද අළුයම 3.00 පමණ රටපුරා අනතුරු ඇඟවීමේ සයිරන් හඬ පැතුරුණු අතර තවත් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගොස් ඇත. මිසයිල කඩා වැටීමක් වාර්තා නොවේ.
3. හෙට දිනයේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ගොස් TABA දේශසීමාව හරහා ගොස් කයිරෝ ගුවන් තොටුපලට පැමිණ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ඔවුන්ගේ කටයුතු ඊජිප්තුවේ පිසිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධීකරණය සිදු කෙරේ. මේ අතර ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තවත් 12 දෙනෙකු ඊයේ තානාපති කාර්යාලය පැමිණි අතර ඉදිරි දිනවල ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.
4. ටෙල් අවිව් සිට ඊශ්‍රායලයේ එලාට් නගරය වෙත ගොස් TABA දේශසීමාව හරහා ගොස් කයිරෝ ගුවන් තොටුපලට ළඟා වීම ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ සිදු කළ යුතුය. කිලෝමීටර් 450 ක් පමණ වන මෙම මාර්ගය ඊශ්‍රායලයේ හා ඊජිප්තුවේ කාන්තාර හරහා වැටී තිබේ. දැනට පවතින ගිම්හාන කාලය තුළ මෙම කලාපවල සෙල්සියස් අංශක 45 දක්වා උෂ්ණත්වයක් පවතී. ඊජිප්තු දේශසීමාවට ඇතුල්වීමෙන් පසු එම ගමන් මාර්ගය හරහා ආරක්ෂිත මුරපොළවල් ගණනාවක් ඇති අතර ඒ සියල්ලේ දීම වාහනවල ගමන් කරන්නන් පරික්ෂා කෙරේ. එම හිසා මේ මාර්ගය හරහා ගොස් කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන්නට අපේක්ෂා කරන අපිරිස තම ගමනට දිනකට කලින් එහි ගමන් ආරම්භ කරන මෙන් දන්වමි.
4. මේ අතර ඉන්දියන් රජය විසින් තම විදේශ සේවකයන් රැගෙන යාමට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපලේ සිට නව දිල්ලි ගුවන් තොටුපල දක්වා ගුවන් යානා කීපයක් ක්‍රියාත්මක කරන අතර එම යානාවල ශ්‍රී ලාංකිකයන් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තනාපති කාර්යාලය දන්වන ලදී.
5. මෙම යානාවලන් ගමන් වාර ලබා ගැනීම විදේශ අමාත්‍යංශය විසින් අනුමත කොට තිබේ. ඒ අනුව නොමිලේ සපයන මෙම ගුවන් යානාවලින් ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂිත පිරිස අද හා හෙට තානාපති කාර්යාලයේ දී ලියාපදිංචි කෙරේ. මෙම ගමන්වාරවල කටයුතු හඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සහාය වනු ඇත.
6. පවතින යුධමය තත්වය හේතුවෙන් හෝටල් සඳහා සංචාරකයන් නොපැමිණීමෙන් ඒවායේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ගැටළු ඇතිවේ තිබේ. Dead Sea ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වසා දැමීම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට වෙනත් හෝටලයක් සේවයට යාමට සිදුවී තිබේ. මෙවැනි අසීරුකම් ඇති පිරිස එවැනි විස්තර තානාපති කාර්යාලයට වාරතා කරන මෙන් දන්වමි.
7. දැනට ශ්‍රී ලංකාවට ගොස් සිටින නැවත පැමිණීමට අපේක්ෂා කරන පිරිස නිරන්තරයෙන් තම දුක්ගැනවිලි අප වෙත ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකා රජය විසින්, පවතින යුධ තත්ත්වය සමනය වනතුර ඔවුන් ඊශ්‍රායලයට නොඑවිමට තීරණයක් ගෙන ඇති බැවින් ඒ අනුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
8. ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශවල ජනජීවිතය සාමාන්‍ය පරිදි සිදුවන අතර බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. එහෙත් මිසයිල ප්‍රහාර එල්ලවන් අවස්ථාවල් බස් රථයක හෝ වාහනයක ගමන් කරන පිරිස් අදාළ වාහනවලින් බැස ආසන්න ස්ථානවල ඇති ආරක්ෂිත ස්ථානයක් හෝ ආවරණයක් යට ආරක්ෂාව සලසා ගන්නා මෙන් දන්වමි. මිසයිලවලට පහරදීමේදී කඩා වැටෙන ගිනියම් වූ කොටස් වාහන මතට වැටී ගිනිගෙන ඇති නිසා වාහනවලින් ඉවත්වීමට උපදෙස් ලබා දී ඇත.
9.ආහාර හිගයක් හෝ ජලය හා විදුලිය සැපයීම ආදලවීමක් වාර්තා නොවේ. කෙසේ වෙතත් තම දුරකථනය නිරන්තරයෙන් ආරෝපණය කර ගන්න ලෙසත් අමතර් ජංගම ආරෝපණ බැටරියක් තබා ගන්න ලෙසත් ඉල්ලා සිටිමි. ඊශ්‍රායලයේ සිටින තම පවුලේ අයගෙන් දිනකට වරක් හෝ දුරකථන පණිවුඩයක් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ පවුල් වල පිරිස් නිරන්තරයෙන් කලබලයට පත්වීම හේතුවෙන් ඔවුනට ඔබගේ තත්ත්වය දන්වා ඇමතුම ලබා දෙන්න.
10. මෙම අසීරු වාතාවරණය යටතේ වුව ද තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂිත පිරිසට පහසුකම් සැලසීමට කාර්යය මණ්ඩලය සුදානමින් සිටිති.