පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් තැබූ වතුරකරයේ තරුණ තරුණියෝ
පැය 24 ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (31) දින සමත්විය.
හපුතලේ, ලිදුල මෙරායා , ආගරපතන , මිගමුව සහ ඩයගම යන ප්රදේශවල පදිංචි මෙම තරුණ තරුණියන් පිරිස වයස අවු 16 – 26 වයස් කාණ්ඩ වල පසුවන අය අතර, එම 09 දෙනා හැටන් ප්රදේශයේ නර්තන පුහුණු ආයතනයක පුහුණුව ලැබු පිරිසක් බවයි එම වාර්තාව පිහිටුවිම සංවිධානය කල පිරිස කියා සිටියේ.
චෝලන් ලෝක වාර්තා පොතේ මෙරට නියෝජිත සි.නාගවාණි රාජා මහතාගේ අධික්ෂණය යටතේ (30) දින උදැසන 8 සිට (31) දින උදැසන 8 දක්වා පැය 24 ක කාලයක් හැටන් ඩන්බාර් ක්රිඩාංගණයේ ක්රිඩා සංකිර්ණයේ එම තරුණ තරුණියන් පිරිස සිය නර්තනයන් ඉදිරිපත් කරනු ලැබුහ.
නර්තනයේ යෙදි සිටි තරුණ තරුණියන්ට කොටස් වශයෙන් විවේක ගැනිමට සහ ආහාර අනුභව කිරිමට සුළු විවේක කාලයක් ලබාදිමට චෝලන් අධික්ෂණ කමිටුවේ නිලධාරින් කටයුතු කෙරිණ.
වතුකරයේ තරුණ තරුණියන් 09 දෙනෙකු නර්තයෙන් පිහිටවු ලෝක වාර්තාව පිහිටුවිම දැක බලා ගැනිමට එම තරුණ තරුණියන් ඥාතින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටිහ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

