පැය 24කදී බීමත් රියදුරන් 529ක් අල්ලයි
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීම සඳහා සිදුකරන පොලිස් මෙහෙයුම් යටතේ අද (01දා) උදේ 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළදී රියදුරන් හත්දහස් දෙසිය හැට හතරකට නීතිය ක්රියාත්මක කර තිබේ.
මෙම පිරිසෙන් 529ක් බිමත්ව රිය පැදවීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවූ 57කට හා අධික වේගයෙන් රිය පැදවූ 54කට හා මාර්ග නීති උල්ලංඝනය කළ 1,057කට හා බලපත්ර වැරදි සම්බන්ධයෙන් 614කට හා වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,953කට නීතිය ක්රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුම් පසුගිය 20වන දින ආරම්භ කළ අතර, මේ අනුව පැය 24කාලයක් තුළදී බීමත්ව අත්අඩංගුවට ගත් වැඩිම රියදුරන් ප්රමාණය ඊයේ (01දා) උදේ 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරන බවත්, මේ නිසා මාර්ග නීති පිළිපදිමින් රථවාහන නීති උල්ලංඝනය නොකර රථ ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
