පැය 15ක් විදුලිය කපන්නෙත් නෑ විදුලිය නොකපා ඉන්නෙත් නෑ
පැය 15ක විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බවත් විදුලි කප්පාදුව සිදු නොවන බවට පවසන් ප්‍රකාශ ගණන් නොගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයේගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
“දේශපාලන අධිකාරිය විසින් පදනම් විරහිතව එක එක ප්‍රකාශ නිකුත් කරනවා. එක දේශපාලන අධිකාරියක් මීට දින කිහිපයකට කලින් කිව්වා අපිට පැ 15ක විතර විදුලි කප්පාදුවකට යන්න වෙයි කියලා. අපි දැක්කා ඊයේ කියනවා (ඇමති කාංචන විජේසේකර) ජුනි 01 දා සිට විදුලිය කප්පාදුව නැති කරනවා කියලා.
මීට මාස දෙකකට කලින් ඇමතිවරයෙක් කිව්වා ලබන 05 දා සිට විදුලිය කප්පාදු කරන්නේ නෑ. දේශපාලන අධිකාරිය දැන් දැන් එක එක කථා කියනවා කොහොම වුණත් මේ දේශපාලන අධිකාරිය කරන කථා දැන් මහජනතාව ගණන් ගන්නේ නෑ.
අපි තමයි ඉන්නේ රජයට විදුලිය ගැන උපදෙස් දෙන්න. අපි වගේ ආයතනවලින් අහන්නේ බලන්නෙ නැතිව හිතාමතා කථා කියනවා. අපි රජයට සැලැස්මක් දීලා තියෙනවා කොහොමද ලබන දෙසැම්බර් මාසය දක්වා කොහොමද විදුලි කප්පාදුව අඩුවෙන් කරන්නේ කියලා.
මේ ගැන දේශපාලන අධිකාරිය ඉදිරියේදී අවධානය යොමුකරලා සත්‍ය හා සොධරණ ප්‍රකාශ කරයි කියලා හිතනවා. පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ. “
popular news
-
LGPJ Sunday, 22 May 2022 03:57 PM
Mister. If you can 24 Hours Power Cut Activate as soon as.!!!
Reply : 0 0
Don Sunday, 22 May 2022 04:06 PM
To what school he has gone ?
Reply : 0 0
LGPJ Sunday, 22 May 2022 06:03 PM
You can activate 24 Hour Power Cut in Sri Lanka. Please negotiate it for over the in our country.!!!
Reply : 0 0
LGPJ Sunday, 22 May 2022 06:03 PM
You can activate 24 Hour Power Cut in Sri Lanka. Please negotiate it for over the in our country.!!!
Reply : 0 0
LGPJ Monday, 23 May 2022 02:40 AM
Mr. Janaka Rathnayake . If You can activate 24 hour Electricity Cut in our motherland as soon as , !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

