ගෑස් නොමැතිව පැය 10 ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටීමෙන් උරණවූ ගැස් පාරිභෝගිකයින් පිරිසක් අද (06දා) පස්වරුවේ පානදුර රන්කොත් විහාරය ඉදිරිපිට මාර්ගය ගෑස් සිලින්ඩර යොදා වසා දමා විරෝධතාවයක නිරත වූහ.
එදින අලුයම 4 සිට පෝලිමේ රැදී සිටි ජනතාවට ගෑස් නිකුත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු අයෙකු ප්‍රකාශයක් ලබානොදීම හේතුවෙන් ඔවුන් මෙසේ මාර්ගය වසාදමන ලද අතර , ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයද ඉබියතුරු දමා වසා තිබුනි .
මාර්ගය වසා දැමීමෙන් කළුතර කොළඹ විකල්ප මාර්ගයේ විනාඩි 30 ක පමණ කාලයක් දැඩි වාහන තදබදයක් පැවතී අතර , පානදුර දකුණ රථවාහන අංශ නිලධාරීන් පැමිණ වෙනත් විකල්ප මාර්ග වලින් වාහන ගමනාගමනය සිදුකිරීමට කටයුතු කරන ලදී .
සිද්ධිය සැලවීමත් සමගම පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ස්ථානයට පැමිණ ඉක්මනින් විසඳුමක් ලබාදෙන බව පැවසීමෙන් පසු ගෑස් පාරිභෝගිකයින් විසිර යන අයුරු දැකගත හැකිවිය .
පානදුර සුමිත් පොතුපිටිය

