අද දිනයේ සිට විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 15ක් දක්වා විදුලිය කප්පාදු කිරිමේ කාලය අඩු කිරිමට කටයුතු කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
මේ අනුව දින තුනක් දහවල් කාලයේදීත් ඒම දින තුනක් රාත්‍රී කාලයේදීත් ලෙස ඒම විදුලි කප්පාදුව කිරීමට නියමිතය.
උදාහරණයක් ලෙස යම් ප්‍රදේශයකට දින තුනක් දහවල් කාලයේදී එනම් උදෑසන 6 සිට සවස 5 දක්වා පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කර එම ප්‍ර දේශයටම ඊළඟ දින තුනේදී රාත්‍රී කාලයේදී එනම් සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය දෙකයි විනාඩි 15ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ඒ් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය. මෙවැනි කාලසීමාවක විදුලි කප්පාදුවක් හරහා දිනකට ඉතිරිවන මුදල රුපියල් මිලියන 400ක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒසේම ඉදිරියේදී විදුලි මිල සංශෝධනයක් සිදුකළ යුතු බවත් ඒසේම විදුලිය උත්පාදනයට යන වියදම් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.