ඉන්ධන මිළ ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම සියයට පනහකටත් වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී .ඒකනායක මහතා පැවසීය.
වෙනත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් එහෙත් මේ දිනවල එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් දෙකක් පමණ ප්‍රමාණයක්වත් නොලැබෙන බවත් ඒවාද මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් පැමිණීම් 13 වන දින අළලුයම වන විට සියයට හැටකින් 70 කින් පමණ පහත වැටී ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
යාපනය ප්‍රදේශයෙන් පහුගිය දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද මෙදින අලුයම යාපනයෙන් එළවළු ලොරි රථ දෙකක් පමණක් ලැබීම විශේෂත්වයකික් බව ද ඔවුහු පෙන්වා දෙති.
ගොවීන් පමණක් නොව මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව ද සේවකයන්ට පඩි නඩි ගෙවා ගැනීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ඒ මහතා පැවැසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනත් වසරවල මාර්තු මාසයේ මැද පමණ වෙද්දී විශාල එළවලු තොග සහ වාහන ප්‍රමාණයක් පැමිණෙන බවත් එහෙත් මේ දිනවල ආර්ථඅර්ථික මධ්‍යස්ථානය තුළ පාාළු ස්වභාවයක් ගෙන ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන ආ ගොවීන් කියා සිටියේ තමන් අහල පහළ ට්‍රැක්ටර් රථවලින් ඉල්ලාගත් ඉන්ධන උපයෝගී කරගෙන එළවළු අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණපාමින් සිටින බවය.
එළවළු සඳහා මිල පැවසුවද එම මිල ගණන් යටතේ එළවළු අලෙවි නොවීම තවත් බරපතළ ප්‍රශ්නයක් බව සඳහන් කර සිටිති වෙනත් දිනවල කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට්, බීට් ,ගෝවා, මාලු මිරිස්, ලීක්ස්,, ආදී එළවළු වර්ග ද ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම 60% කින් 70 කින් පමණ පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති.
ඉදිරියේදී එළවළු වගාවන් පවා අතහැර දැමීමට සිදුවන බවත් එළවළු නිෂ්පාදනයට අවශ්‍ය පොහොර තෙල් සහ වතුර යෙදීම සඳහා අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් නොමැතිවීම මෙම තත්ත්වයට තවදුරටත් බලපාන බව ගොවීහු පෙන්වා දෙති.
එළවළු මිල ගණන් ප්‍රකාශ කළ ද එක් මිලකට අලෙවි නොවීම තවත් කරුණක් බව පෙන්වා දෙන ගොවීන් පසුගිය දිනවල ට වඩා එළවලු මිල ද සිසියයට 40 කින් පමණ පහත වැටී එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවද ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
