ආගමන හා විගම දෙපාර්ත්ම්න්තුව මගින් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදුකිරීම හෙට (30දා) දින අවසන් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ජුනි 02 සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගම දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත නිකුත් කිරීමේ සේවාව පෙ.ව. 7.00 සිට පස්වරු 2.00 දක්වා අයදුම්පත් භාර ගැනෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
