‘හෙන්ලි ගමන් බලපත්ර දර්ශකයට’ අනුව, ශ්රී ලංකා ගමන් බලපත්රය 2025 වසරේ අගභාගයේ පැවති ස්ථානයට වඩා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ. 2026 ජූලි මාසයේ ප්රකාශිත නවතම දර්ශකයට අනුව ශ්රී ලංකාව ලෝකයෙන්ම 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර 2025 වසරේ අගභාගයේදී ශ්රී ලංකාව 96 වන ස්ථානයේ පසුවිය.
දර්ශකයේ ඉහළට යාම ලෝක මට්ටමින් ශ්රී ලංකා ගමන් බලපත්රයට හිමි පිළිගැනීම වර්ධනය වීමේ සුබවාදී ප්රවණතාවකි.
වීසා රහිතව පැමිණීමේදී ලබාගන්නා වීසා හෙවත් Visa-on-arrival හෝ විද්යුත් ගමන් බලපත්ර අනුමැතීන් හරහා ශ්රී ලාංකිකයන්ට මේ වනවිට ගමනාන්ත 39ක් වෙත ගමන් කිරීමේ පහසුකම හිමිව ඇත. මෙම දර්ශකයේ පළමු ස්ථානය සිංගප්පූරුවට හිමිව තිබේ.