ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්රා දේශීය කාර්යාලයට පැමිණ විදෙස් ගමන් බලපත් ලබා ගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. මෙම තීරණය අද දිනයේ සිටම ක්රියාත්මක බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
වව්නියාව කාර්යාලය වෙත සේවය ලබා ගැනීමට දිනපතා විශාල සේවාලාභීන් ප්රමණයක් පැමිණෙන බැවින් ඒහි පවතිනන මහජන තදබදය අවම කිරීම හා සේවා ලාභීන් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙම තිරණය ගෙන තිබේ.