විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාව ලබන සඳුදා සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.
ඊයේ කොළඹදි පැවැති වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කළේ ඒ අනුව මාතර, වව්නියාව හා මහනුවර දිස්ත්‍රික්කවල ආගමන හා විගමන කාර්යාල තුළින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි.
මේ අනුව දැනට කොළඹ ප්‍රධාන කාර්යාලයේ පවතින තදබදය බෙදී යනු ඇති බවද ඔහු පැවැසීය.
එසේම විදේශ රැකියාවකට යොමුවීම වෙනුවෙන් අවශ්‍ය ලියවිලි පවතින අයට විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වෙනමම කවුන්ටරයක් ආරම්භ කරන බවද ඔහු පැවැසීය.