පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට කුමන්ත්රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම් නියමකර ඇත.
ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියමකර තිබේ. එමෙන්ම ඔවුන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුවට විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණ අතර එයින් විත්තිකරුවන් 9 දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරිණ.