පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ නඩු 108කින් ජනපති මුදා හරියි
පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබුණි.
මෙම නඩු මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබුණි.
popular news
-
asoka Thursday, 02 March 2023 04:03 AM
පාස්කු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම ගොටාභය ජනාධිපති කරවීමේ සහ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරවීමේ සැලසුමක්. ඉතාමත් සැලසුම් සහගතව තමයි මේක කරේ. රටේ ඒ දිනවල තිබුන අසීමිත නිදහස මොවුන් ප්‍රයෝජනයට ගත්තා. ප්‍රහාරයට පෙර සයින්දුමරුදු වල කරන ලද බෝම්බ ප්‍රහාරය පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන නොමග යැවීම සඳහායි කරන ලද්දේ. මෙම බෝම්බ සාදා ඇත්තේ නිශ්ශංක සේනාධිපතිගේ උපදෙස් අනුවයි. ඔහු ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ කොමාන්ඩෝ ර්ජිමෙන්තුවේ හිටපු බෝම්බ සැදීම නිෂ්ක්‍රිය කිරීම පිළිබඳව විශේෂඥයෙක්. බෝම්බ ප්‍රවාහනය කර ඇත්තේ දෙෂබඳුගේ අධික්ෂණය යටතේය. ප්‍රහාරයට පෙර මුස්ලිම් රියදුරෙක් විසින් අධිවේග මාර්ගයේ ආපු අත්අඩංගුවට ගත් ලොරියක් වහාම දෙෂබන්දුගේ නියමයෙන් මුදා දෙන ලදී. සහරාන් සහ ගෝල බාලයන්ට කියා ඇත්තේ ඔබලාට අපි දෙන්නේ පොඩි ග්‍රෙනේඩ් එකක් වගේ දෙයක් බැග් එකක දාලා. මේ බැක් පැක් එක අවශ්‍ය ස්ථාන ඇතුලේ තියලා ඔයගොල්ලෝ එලියට එන්න. එවිට අපි එළියේ වැන් එකක ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එකකින් පුපුරවලා යවනවා. කිහිප දෙනෙකුට සුළු තුවාල ඇතිවෙයි බයවෙන්න එපා අපි බේරාගන්නවා කියලා. එහෙත් ඔවුනට දීලා තියෙන්නේ අධි බලැති බෝම්බ කියලා ඔවුන් දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

