පාස්කු ප්‍රහාර වන්දියෙන් මෛත්‍රී තවත් රු.මි. 28ක් ගෙවයි
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස 'පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදල' යන නමින් ස්ථාපිත අරමුදල සඳහා තවත් රුපියල් මිලියන 28ක් බැර කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා රුපියල් මිලියන 15ක් සහ පසුගිය 30 වැනිදා රුපියල් මිලියන 13ක් ලෙස මෙම මුදල බැර කර ඇත.
ඒ අනුව මේ දක්වා ගෙවීමට නියමිත රුපියල් කෝටි 10ක මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 43ක් ගෙවා අවසන් කර තිබේ.
මෙම මුදල් බැර කිරීමත් සමග පසුගිය අප්‍රේල් 30 වැනිදා වන විට මෙම අරමුදල සඳහා රුපියල් 64,825,588.87ක් බැර කර ඇත.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇති අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 4දී රුපියල් මිලිය 05ක් ගෙවා අවසන් කර තිබේ.
මීට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්ද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල් මිලියන 4.1ක්ද මේ දක්වා ගෙවා ඇත.
එමෙන්ම රජය වෙනුවෙන් ගෙවිය යුතු රු.මිලියනයක මුදල ද මහා භාණ්ඩාගාරය විසින් ගෙවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
