කටාන පොලිස් ස්ථානයේ රාජකාරියට යොදවා සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙක් සේවයෙන් පකිරිමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
2019 වසරේ අප්‍රේල් මස පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී කටාන පොලිස් ස්ථානයේ රාජකාරී යෙදී සිටි මෙම සැරයන්වරයා තමන් වෙත පැවැරී තිබූ රාජකාරී ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් මූලික විමර්ශනයක් පවත්වා තිබේ.
එම මූලික විමර්ෂණයෙන් අණාවරණය වූ කරුණු අනුව පොලිස් සැරයන්වරයා එරෙහිව විනය කඩ කිරීමේ සම්බන්ධයෙන් චෝදනා 12 යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කර තිබේ.
සියලුම චෝදනාවට මුල් අවස්ථාවේදීම ඔහු වරද පිළිගත් බැවින් එම නිලධාරියා සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා විසින් තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය 14 දා එම පොලිස් සැරයන්වරයා සේවයෙන් පහ කරමින් පොලිස් මූලස්ථානය මගින් සේවය පහ කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.