පාස්කු ප්රහාරය මහා දේශපාලන කුමන්ත්රණයක කොටසක්
පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත්වන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් හා එහි සාමාජිකයන්ගෙන් අද ඉල්ලා සිටියහ.
ජිනීවා නුවර පැවැත්වෙන සමුළුව වීඩියෝ තාක්ෂණය හරහා අමතමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
පාස්කු ප්රහාරය මුලින්ම මුස්ලිම් අන්තවාදීන්ගේ ක්රියාවක් බවට වාර්තා වුවත් පසුව හෙළිවූයේ එය මහා දේශපාලන කුමන්ත්රණයක කොටසක් බව යැයි උන්වහන්සේ පැවැසූහ.
පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා රජය අසමත් වී ඇති බවත් යුක්තිය ඉල්ලා හඬ නැගීමට ජනතාවට සිදුව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර ජිනීවා බලාගිය පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතාද අද දිනයේදී සමුළුව අමතමින් සිරගත කර ඇති රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියේය.
popular news
-
Demuni Uduwara Tuesday, 08 March 2022 01:07 AM
Don't depreciate what Cardinal has disclosed; an undiscardable allegation !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

