පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14දා) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.
මේ අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.
අභියාචනාධිකරණය විසින් අද (14) දින සිට සති 10 කට එම නඩුව කල් තබන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්රාත්වරයාට සිදු කරනු ලැබූ නියෝගයක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.