පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳව සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පූර්ව දැනුවත් භාවයකින් සිටි බවට අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (09දා) පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් භාවයකින් සිටි බවට මේ වන විට කරුණු අනාවරණය වෙලා තිබෙනවා.
මේ වන විට අනාවරණය වූ කරුණු අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව පිල්ලෙයාන්ට පූර්ව දැනුවත් භාවයක් තිබූ බවට සාධාරණ සහ යුක්ති සහගත ප්‍රබල සැකයක් ඉස්මතු වෙලා තිබෙනවා. මේ පිළිබඳව විමර්ශනය කරගෙන යනවා.”