පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත කතාව රටට හෙළි කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගයට අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයේ එකඟතාවය මත එම විවාදය ස්වර්ණවාහිනිය ඔස්සේ පැවැත්වීමට කැමැත්ත පළ කළා.
ඒ අනුව අද (07) සඳුදා රාත්‍රි 10.10 ට ස්වර්ණවාහිනි විශේෂ රතු ඉර වෙන් වන්නේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත කතාව ගැන විමසන එම විවාදයටයි.
මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගි වන අතර, ඊට විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සහභාගි වීමට නියමිතයි.
