කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනා එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) පැවසුහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා වැඩිදුරටත් කියවා දුන් අවස්ථාවේදී විත්තිකරුවෙවා් එලෙස පැවසුහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දිවයිනේ විවිධ බන්ධනාගාර වල රඳවා සිටි විත්තිකරුවන් බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත :සභාපති* අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.
2019 අප්‍රේල් 21 වෙනිදා සහ ඊට ආසන්න කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවල දී පාස්කු ඉරිදා කතෝලික පල්ලිය හා තරු පහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව සූදානම් වීම මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දීම අනුබලදීම පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි රැස් කිරීම රැස් කිරීම මිනීමැරීම හා මිනීමැරීමට තැත් කිරීම් ඇතුළු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා විසිනපන්දහසකට අධික ප්‍රමාණය කියවාදීම ආරම්භ කෙරිණී. වැඩිදුර චෝදනා කියවා දීම ජූනි මස 02 වනදා තෙක් කල් තැබු විනිසුරු මඩුල්ල නඩුව ලබන එදින යළි කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පෙනී සිටියාය.
අගතියට පත් කොළඹ රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ශමිල් සිල්වා මහතා පෙනී සිටියේය.