පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම සිද්ධියට අවශ්‍ය කරන සෑම තරාතිරමකම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද කී අගමැතිවරයා මේ පිළිබඳව සැක සංකා ඇතිකරගත යුතු නැතැයිද කීවේය.
මේ පිළිබඳව නීතිපතිවරයා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අගමැතිවරයා පැවසීය.